About me

මුලින්ම මම කව්ද කියලා ඔයාලට හදුන්වා දෙන්නම්  මම දේනුක ඩයස්. මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්.

Sinhala video tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන.


මා විසින් උනන්දුවක් දක්වන අනෙකුත් අංශ


web designing

DIY projects

Life hacks

Electric Curcuits

Auto motor mechanic


අන්තර්ජාලය ඔස්සේ මාවිසින් උගෙන මතු ප්‍රයෝඡනය සඳහා ඔබට පරිගණක, දුරකථන සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ තොරතුරු දැනුම අැතුලත් ලිපි ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරනව. ප්‍රධාන ඉලක්කය දැනුම හුවමාරු කරගැනීම, මා වැනි නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ හදුනා ගැනීමට අපෙක්ෂා කරනව.


මගෙ ලිපි වල අඩුපාඩු තිබුනොත් එගැන මට කියන්න. ඔයාලට දැනගැනීමට අවශ්‍ය දෙවල්, ඔයාල දන්න දේවල් මට කියන්න. මං බලාපොරොත්තු වෙනවා මගෙ ලිපි වලින් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා.


එහෙනම් මුල් පිටුවෙන් අපි හම්බවෙමු  -  දේනුක ඩයස්