Showing posts with label android. Show all posts
Showing posts with label android. Show all posts

Friday, August 5, 2016

How to make Free calls any number srilanka and worldwide නොමිලේ ලෝකෙ වටේටම කතාකරන්න WhatsCall

ඉතින් අද මං කියලදෙන්න හදන්නෙ විදෙස් රටවල සේවය කරන අපේ ශ්‍රිලාංකිකයන්ට වැදගත් වන Android application එකක්.

අපි කවුරැත් වගේ විදෙස් රටකට දුරකථන අැමතුමක් ලබාගැනිම සදහා භාවිතා කරන්නෙ Viber, Skype, WhatsApp, Imo, Line වගේ සේවාවක් භාවිතා කරල. මේ සේවාවන් මගින් IDD හෝ Local calls නොමිලේ ගැනිම සදහා ඔයාල දෙදෙනාටම මේ සේවාව තිබීම අනිවාර්ය අංගයක්.Viber, Skype, WhatsApp, Imo, Line වගේ සේවාවක් භාවිතා කරල දුරකථන අංකයකට අැමතුමක් ලබාගැනිම සදහා අපට එම සේවාවන් සදහා මුදල් ගෙවීමට සිදුවෙනවා.

WhatsCall ඔයාලට ඔනෑම රටකට ඔනෑම දුරකථන අංකයකට IDD calls නොමිලේ ගන්න ගන්න අවස්ථාව ලබාදනව. මේ සදහා ඔයාලට කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැහැ සම්පූර්ණයෙන්ම නොමිලේ. 

කොහොමද WhatsCall භාවිතා කරල දුරකථන අැමතුමක් ලබාගන්නෙ? 

මේ සදහා අපට cradit අවශ්‍ය වෙනවා නමුත් මේ cradit WhatsCall මගින් නොමිලේ ලබාගන්න පුලුවන් ඉතින් අපි බලමු කොහොමද WhatsCall cradit ලබාගන්නනෙ සහ WhatsCall භාවිතා කරල Free calls ගන්නෙ කියල මේ සදහා පහත දැක්වෙන video එක බලන්න. 


Download WhatsCall
http://whatscall.cmcm.com

Friday, July 29, 2016

How to watch UStv channels for free | අද මං කියලදෙන්න හදන්නෙ නොමිලේ Films online බලන්න පුළුවන් Android application එකක් ගැන.

ඉතින් අපි කවුරුත් දන්නවා Hollywood වල හදන චිත්‍රපට මුලින්ම වගේ තිරගත වෙන්නෙ අමෙරිකාව තුල එ්හා සමගාමීව තවත් රටවල තිරගත විම අරම්භ කරනව.

මේවගේ අලුත්ම චිත්‍රපට HBO, Warnertv, FXM, Sony tv, AMC වගේ tv channel වල තිරගත වෙනව. මේ වගේ channel අපිට මුදල් ගෙවල තමයි බලන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියන්න හදන්න HBO, AMC, Discovery, BBC3, History channel, TNT, Star Z, NBC, Showtime movie channels නොමිලේ නරඹන්න පුළුවන් Android application එකක් ගැන.

වෙනත් channels 

NHK world
AL Jazeera
Cartoon Network
SyFy
NASA
Fox News

පහත video එකේ පෙන්නන විදිහට ඔයාලට මේ Android app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.


Click hear to download UStv Android application 

store.mdcgate.com
Mirror link

Sunday, July 24, 2016

Srilankan Driving License exam | ඔයාල ලගදි Driving License ගන්න හිතන් ඉන්නවනම් ඔයාට වැදගත් වෙන දෙයක් තමයි අද කියන්න යන්නේ.

ඉතින් අපි හැමෝම Driving License ගන්න කලින් මුලින්ම අපිට කරන්න වෙන්නේ ඒ සදහා වන විභාහගයට මුහුණ දෙනඑක.එතකොට ඉතින් අපි කරන්නේ රිය පුහුණු මධ්‍යස්ථානයකට ගිහින් ඉගෙනගෙන විභාහගයට මුහුණ දීල පාස්වුනාට පස්සේ Trial ගිහින් Driving License එක ගන්න එක.
සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.
 සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
 බර වාහන රියදුරු බලපත්‍රය

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ.මං අද කියන්න හදන Android Application එක ඔයාලගේ Driving License සදහා වන විභාහගයට පෙනී සිටින්නට උදුවක් වෙන, එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් Android app එකක්. මෙහි ආකාර 2 කි.

නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීම


මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

පෙර පුහුණුවීම්

ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි.



Srilankan  Driving License exam
පහත Video එක බලන්න.  





තවත් අලුත් ලිපියකින් හම්බවෙනකම් ගිහින් එන්නම්

Tuesday, July 19, 2016

Prisma Effect for Android | Sinhala Tutorial

මේ දවස් වල Facebook එකේ ගොඩක්ම ඡනප්‍රිය photo රැල්ලක් තමයි Prisma app එකේ එන painting effect එකෙන් edit  කරපු photos share කරන එක. 

 

 

 

මොකක්ද මේ Prisma app එක? 

 Prisma app එක iPhone, ios සදහා නිකුත් කරපු free application එකක්. මේක android සදහා නිකුත් වෙලා නැහැ. 



පසුගිය වසර කිහිපය තුළ අපට විවිධ photo editing application දකින්නට ලැබුණා. නමුත් මේ Prisma app එක විශේෂ වෙන්නෙ photo editing සදහා Neural Networks සහ Artificial intelligence එහෙමත් නැත්නම් කෘතිම බුද්ධි වැඩසටහනක් භාවිතා කරමින් ලෝකප්‍රසිද්ද කලා කෘති අනුකරණය කරමින් ඔයාලගේ photos edit කිරීමයි. දිනකට මිලියනයකට අධික පිරිසක් භාවිතා කරන මේ application එක Prisma labs inc කියන රුසියානු සමාගමක් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

ඉතින් හැමෝම වගේ බලාගෙන ඉන්නෙ කවද්ද Android සදහා Prisma app එක නිකුත් වෙන්නෙ කියල.
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නෙ Prisma app එකට සමාන photo effects තියෙන Android application එකක් ගැන. එ් තමයි Superphoto effects + filters 

මේ android application එක Google play store එකෙන් ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
මේ application එකේ අපිට මොනවද කරන්න පුළුවන්? පහත Video එක බලන්න.

Monday, July 18, 2016

Top 5 things you must do after rooting Android device | sinhala tutorial

අපි කලින් ලිපියකින් කතාකලා කොහොමද android phone එකක් root කරගන්නෙ කියල. අද මං කියලදෙන්න හදන්නෙ android දුරකථනය #root කලාට පස්සෙ අනිවාර්යයෙන්ම කලයුතු දේවල් මොනවද කියල. 

මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි costom recovery software එකක් install කරන එක.
අැයි custom recovery software එකක් install කරගන්නෙ, කොහොමද install කරගන්නෙ කියල අපි පසුගිය ලිපියකින් කතාකලා (පහත ලිපිය බලන්න) 


දෙවැනියට කරන්න අවශ්‍ය දෙයක් තමයි Custom ROM එකක් install කරගන්න එක. 50% පමන දෙනෙකු දුරකථනය Root කරන ප්‍රධාන හේතුව තමයි Custom ROM එකක් install කරන එක මොකද එතකොට තමයි අපට පුලුවන් වෙන්නෙ දැනට තිබෙන අලුත් android version එකක් භාවිතා කරනට,  stock rom එකේ නොමැති option භාවිතා කරන්න, Custom ROM එකක් වඩාත් හොද සහ වෙනස් පෙනුමක අලුත් බවක් ඔයාලගෙ දුරකථනට එකකු කරන දෙයක්.මේ ගැනත් අපි පහත ලිපියෙන් කතාකලා කොහොමද custom rom install කරගන්නෙ කියල.

how to install miui 7 on any android phone

මීලගට කලයුතු වැදගත්ම දෙයක් තමයි Bloatware remove කරන එක. #Bloatware කියන්නෙ ඔයාලගෙ දුරකථනයේ බැටරි ඉක්මනින් බහින්න හෙතුවක් වෙන, දුරකථනයේ අනවශ්‍ය ඉඩක් ගන්න apps. වැඩකට නැති application
Flipboard
email app
Carriers application
හොදයි මීලගට අපිට කරන්න පුළුවන් Application SD card එකට move කරනන එක. ඉතින් සමහර application SD card එකට move කරන්න අවස්ථාව ලබා දෙන්නෙ නැහැ. ඉතින් ඔයාගෙ දුරකථනය Root කරල තියෙන්නව නම් ඔයාට ඔි්නෑම Application එකක් SD card එකකට move කරන්න පුළුවන්.


 මේ විදිහට අපි Phone memory එක අපි free කරගත්තට පස්සෙ GTA, NFS ලොකු games install කරගන්න පුළුවන්. 
අවසාන වශයෙන් අපට තවදුරටත් Phone එක customize, Tweak කරගන්න පුලුවන්.මේ සදහා අපට rom toolbox වගේ application එකක් භාවිතා කරනව පුළුවන්. #Tweak කරල අපට මොනවද වෙනස් කරන්න පුළුවන්.
Interface
fonts
boot animation
icons
increase WiFi range
increase volume level
CPU control
increase battery life 
ඉතින් ඉදිරි ලිපි වලින් මං බලාපොරොත්තු වෙනවා කොහොමද Bloatware ඉවත් කරන්නෙ, Application කොහොමද SD card එකට move කරන්නෙ සහ Phone එක Tweak කරන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න.

Sunday, July 10, 2016

SwiftKey සිංහල යතුරුපුවරුව

සිංහලෙන් type කරන්න ඉතාමත් පහසු වඩාත් කාර්යක්ෂම යතුරුපුවරුවක් තමයි SwiftKey.ඉතින් අපි බලමු SwiftKey අැයි වඩාත් වැදගත් වෙන්නෙ අපේ දුරකථනට, ටැබ්ලට එකට කියල.

 
වෙළදපලේ දකින්නට තිබෙන Samsung, Huawei, Sony, HTC, Motorola සමාගම් වල නවතම දුරකථන මාදිලි සියල්ලක්‌ම වගේ සිංහලෙන් කියවීමට සහ සිංහලෙන් ලිවීම ( message) සහයෝගය දක්වනව.

 

SwiftKey keyboard වැදගත් වෙන්නෙ අැයි? 


SwiftKey වල තියෙන ප්‍රධානම වැදගත් වන දෙයක් තමයි SwiftKey ඔයාල නිතරම භාවිතා කරන වාක්‍ය ඉගෙන ගන්නව, මතක තියාගන්නව.


එ්වගෙම මතක තියාගත්ත වාක්‍ය ඔයාට අවශ්‍ය වෙලාවට predict කරනව. SwiftKey දන්නව ඔයාට මීලගට අවශ්‍ය මොන වාක්‍යද කියල.










ඔයා Phones දෙකක් එහෙමත් නැත්නම් Phone එකයි table එකක් වගේ device දෙයක් භාවිතා කරන කෙනෙක්නම් ඔයාගෙ SwiftKey account එක හරහ ඔයා නිතරම භාවිතා කරන වාක්‍ය emoji sync වෙනව.



අලුතින් Phone එකක් ගත්තත් ඔයාලගෙ data සේරම SwiftKey account එකේ save වෙලා තියෙන හන්දා ලේසියෙන්ම ඔයාට භාවිතා කරන්න පුළුවන්.

SwiftKey ඔයාට කැමති විදියට resize කරන්න, theme දාගන්න, customize කරගන්න පුළුවන්. 




ඉතින් අපි SwiftKey keyboard භාවිතා කරල කොහොමද සිංහලෙන් messages යවන්නෙ


 

Saturday, July 2, 2016

Dialog Gaming ClashCon Sri Lanka 2016

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සහ දකුණු ආසියාවේ විශාලතම ClashCon event එක Dialog Gaming ClashCon Sri Lanka 2016, ඡුලි මස 09 වනදා BMICH හිදී පවත්වන්නට Dialog සහ gamer.lk විසින් කටයුතු යොදා තිබෙනවා. ලියාපදිංචි වීම සඳහා සහ වැඩි විස්තර සදහා www.dialog.lk/clashcon පිවිසෙන්න.

#DialogGaming #GamerLK #ClashConSriLanka

Friday, July 1, 2016

kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

ඉතින් මං අද කියල දෙන්න හදන්නෙ ඔනෑම android phone  එකක් tablet PC එකක් ලේසියෙන්ම root කරන විදිහ. 


මේ සදහා ඔයාල king root android app එක දාගන්න ඔනෙ. king-root.net වෙබ් අඩවියෙන්
ඔයාලට නොමිලේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගෙ දුරකථනයේ හරි පරිගණකයේ හරි මේ වෙබ් අඩවිය ගිහින් මේ විඩියෝ එකේ විදියට පෙන්නන විදිහට root කරගන්න. 



ඉතින් මොනමද root කලාට පස්සෙ අපිට ලැබෙන වැදගත් පහසුකම්. 

ප්‍රධානම පහසුකම්ක් තමයි අපිට custom rom එකක් install කරගන්න පුළුවන්. 

අලුතින් නිකුතුවන firmware version install කරගන්න පුළුවන්. 

SD card එකතුල apps install කිරිමට සහ apps move කිරිමට හැකියාව ලැබෙනවා.
root required apps install කිරිමට හැකි වෙනව.

fully customization experience එකක් ලේසියෙන්ම ලබාගැනීමට හැකියාව තිබෙනවා. 

ඉතින් ඉස්සරහට අපි බලමු කොහොමද ලේසියෙන්ම root කරගත්තු Phone එක අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න පුළුවන් කියලා.

Sunday, June 26, 2016

Traffic Rider අද ඔයාලට කියන්න හදන්නෙ Real 3D game එකක් ගැන.

Traffic Rider ඉතින් ඔයාලටත් ත්‍රාසජනක real bike race අත්දැකිමක් ලබන්න කැමතිනම් අනිවාර්යයෙන්ම play කරල බලන්න. 

කොහොමද Traffic Rider game එක play කරන්නෙ?  

ඉතින් ඔයා භාවිතා android දුරකථනයක් නම් Google play store එකෙන් ඔයාලට නොමිලේ මේ game එක download කරගන්න පුලුවන්. iphone දුරකථනයක් නම් iTunes මගින් නොමිලේ මේ game එක download කරගන්න පුලුවන්.

මේ game එක play කරන්න අවශ්‍ය spec

iOS 6 වලින් පස්සෙ ඔනැම iphone, ipad සහ ipod touch උපාංගයකින මේ game එක play කරන්න පුළුවන්.
Windows මෙහෙයුම් පද්ධතිය සහිත භාවිතා කරන්නෙ නම් Windows 8, Windows 8.1 සහ Windows 10 දුරකථන table pc
මගින් මේ game එක play කරන්න පුළුවන්.
Android  දුරකථනයක් නම් android 2.3.3 Gingerbread මෙහෙයුම් පද්ධතිය පසු නිකුත්කරන ඔනෑම දුරකථනයක් tablet pc එකක් භාවිතා කර මේ game එක play කරන්න පුළුවන්. 


දැනට භාෂා 18 ක් මේ game එකට එකතු කර තිබෙනව.
යතුරුපැදි වර්ග 24 තෝරාගන්න පුළුවන්.
Real motor sounds අත්තම ශබ්ද යොදාගෙන තියෙනවා.
ස්වභාවික පරිසර තත්ව වැස්ස, අකුනු ශබ්ද, දිවා රාත්‍රිය වගේ දර්ශන යොදාගෙන තියෙනව.
mission 60 සමග online leader board බලාගන්න පුළුවන්.

වැඩිපුර score කරන්නෙ මෙහෙමයි 

වේගෙන් යන තරමට තමයි ලකුණු ලැබෙන්නෙ
100 kmh වේගයෙන් ගමන් කරන විට පාරෙයන අනිත්වාහන ලගින් overtake ඉස්සර කලාම bonus ප්‍රසාද ලකුණු ලැබෙනව.
පාරෙ විරැද්ධව පැත්තෙන්, වැරදි පැත්තෙන් ගමන් කරනවට වැඩිපුර ලකුණු ලබා දෙනව.
ඉදිරිපස රොදය ඔසවාගෙන යනවට ලකුණු ලැබෙනව. 

තුර්කියේ SKgames අායතනය තමා මේ game එක ඔබට ඉදිරිපත් කර තිබෙනන්නෙ.
එහෙන්ම් ඉතින් ඔයාලටත් මේ game එක play කරල ඔයාලගෙ අදහස් comment එකක් දාන්න.


Sunday, August 17, 2014

samsung galaxy s3 දුරකතනයට Android Jelly Bean 4.3 ස්ථාපනය කිරීම ODIN සමග

මේ video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද samsung galaxy s3 දුරකතනයක් flash කරන්නේ කියල.එකට අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය firmware එක download කරගන්න එක,firmware එක install කිරීමට අවශ්‍ය ODIN මෘදුකාංගය download කරගන්න.firmware සහ ODIN Extract (unzip) කරගන්න
denukad.blogspot.com

Tuesday, July 15, 2014

android secret

Android ගැන කථාකරද්දී මේටික සිංහලෙන් ලියන්නම හිතුන.use කරපු android phone එකක් ගන්නකොට phone එකේ වැඩකෑලි සේරම වැඩද?එහෙම නැත්තම් අවුල් තියෙනවද කියල බලාගන්න ඕන උනාම මේ කියන ටික වැදගත් වෙවි කියල හිතනව.

ගොඩක් කට්ටිය හොයන්නේ samsung android smartphone එකක් ගන්නනේ,එහෙනම් අපි එතනින් පටන්ගමු නේද? samsung android secret code මේක ලේසියෙන්ම   මතක තියාගන්න පුළුවන් *#0*# අන්තිම # එක ඔබපු අගමන් secret menu එක ඕපන් වෙනවා