Sunday, July 3, 2016

how to install miui 7 on any android phone


අද ඉතින් මං ඔයාලට කියන්න හදන්නෙ miui 7 ඔයාගෙ දුරකථනයෙන් භාවිතා කරන්නෙ කොහොමද කියලා.මේ වැඩේට ඔයාලගෙ phone එක root කරල තියෙන්න ඔනෙ . දැනටමත් Phone එක root කරලද කියල බලන්න root checker app භාවිතා කරන්න. Root කරල නැත්තම් අපි බලමු කොහොමද ලේසියෙන්ම Phone එක root කරගන්නෙ කියල.

මුලින්ම කියන්න ඔි්නෙ මේ සදහා පියවර කිහිපයක් තියෙනවා මං හිතනවා ඔයාල මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවල ඉවර වුනාට පස්සෙ root කරගන්න පටන් ගනීකියල.
මේ සදහා ඔයාල king root android app එක දාගන්න ඔනෙ. kingroot.net වෙබ් අඩවියෙන් ඔයාලට නොමිලේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

කොහොමද phone එක king-root භාවිතා කරල root කරගන්නෙ මේ ලිපිය බලන්න.

kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

Root කලාට පස්සෙ අපිට මේ මේ වැඩේට custom recovery එකක් install කරගන්න වෙනව. ඉතින් කොහොමද TWRP custom recovery එක install කරගන්නෙ කියල මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා පහත ලිපිය බලන්න.

මොකක්ද මේ custom recovery? කොහොමද custom recovery එකක් install කරගන්නෙ? ඉතින් එහෙනම් අපි බලමු How to install TWRP custom recovery


මුලික පියවර ඉවර උනාට පස්සෙ අපි කරන්න ඔි්නෙ miui 7 එහෙත් නැතිනම් miui 6 හෝ ඊට පහල version එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් miui official website එකේ ඔයාලගෙ phone එකේ model එකට ගැලපෙන miui rom එක ඩවුන්ලෝඩ් කරගන්න.

miui කියන්නෙ නිතරම වගේ update එන custom rom එකක් ඉතින් පරන version එකක් දැම්ම කියලා ගැටලුවක් නැහැ. එක version එකක් install කලාට පස්සෙ මිලග OTA update නිකුත් වුනාම අලුත් version එකට update කරගන්න පුළුවන්.

Google apps install කරගන්න GApps download කරගන්න ඔනෙ මේ වෙබ් අඩවියට ගිහින් gapps ඩවුන්ලෝඩ් කරගන්න. 
එහෙනම් අපි බලමු කොහොමද miui 7 rom galaxy s3 international version එකට install කරගන්නෙ කියල. මේ විදිහට ඔයාට ඔි්නෑම android දුරකථනයක් සදහා miui rom install කරගන්න පුළුවන්.

 ඉස්සෙල්ලාම ඔයාගෙ Phone එකේ power button  + volume + menu button එකවර තත්පර 10 පමන තදකරන් ඉන්න



දැන් TWRP main screen එකේ backup කියනඑක තෝරන්න. 



මෙතනින් ඔයාගෙ Phone එකේ දැන් තියෙන rom එක data backup කරගන්න, යම්කිසි විදිහකින් miui rom එක ඔයාලගෙ දුරකථනට හරියාකාරව ස්ථාපනය උනේනැතිනම් නැවතත් stock rom එක එහෙමත් නැත්නම් කලින් භාවිතා කළ rom එක නැවත ස්ථාපිත කරන්න පුළුවන්. 



මීලගට wipe කියන එක තෝරන්න.මේකෙන් වෙනනෙ Phone එකේ දැනට තියෙන data සහ stock rom එක ඉවත්කිරීම. 



දැන් තියෙන්නෙ miui rom එක install කරගන්න. install කියලා තියෙන එක තෝරල 




 ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත miui file එක තෝරන්න. 



දැන් swipe කරල install කරගන්න 



ඊට පස්සෙ ඔයා ඩවුන්ලෝඩ් කරගන්ත gapps file එක තෝරන්න 




දැන් swipe කරල install කරගන්න




installing



install වෙලා ඉවර වුනාට පස්සේ reboot system තෝරන්න


අලුත් boot screen



භාෂාව තෝරන්න සහ අනෙකුත් මුලික සැකසුම් සාමාන්‍ය පරිදිකරගන්න


මේ තමයි ඔයාගේ Home screen එක


MIUI 7 android 4.4.4 එක්ක තමයි අපිට ලැබෙන්නෙ


camera සහ අනෙකුත් සියලුම apps wifi ,bluetoth සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි









No comments:
Write comments