Wednesday, June 29, 2016

මොකක්ද මේ Hyper-Threading කියන්නෙ? Hyper-Threading අපිට වැදගත් වෙන්නෙ කොහොමද?


අලුතින් පරිගණකයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙකුට ඉතාම වැදගත් දෙයක් තමයි මේ Hyper-Threading කියන්නෙ. 

මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා intel i3, i5 සහ i7 processor ගැන. එ්කෙදි මං කිව්ව i3 සහ i7 processor වල පමණයි මේ Hyper-Threading පහසුකම් ලබාදීල තියෙන්නෙ කියල. 



intel i3 processor එකක් සදහා 4 threads








intel i7 processor එකක් සදහා 8 threads

වශයෙන් තමා Hyper-Threading අපට ලැබෙන්නෙ.ඉතින් අැත්තටම මොකක්ද මේ පහසුකම අපට අවශ්‍ය වන්නේ අැයි?


පහත විඩියෝව බැලුවට පස්සෙ ඔයාලට එ්ගැන අවබෝධයක් ලැබෙයි. 


අපි පරිගණකයක් මිලදී ගද්දි මේ Hyper-Threading පහසුකම අත්‍යාවශ්‍ය ද? 

ඉතින් ඔයා video editing සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඔයාට ඉතාමත් වැදගත්. 

පහත දැක්වෙන්නෙ 10 min video එකක් 1080p 30fps rendering කලාම ලැබුණු result එකක් ඉතින් මෙහි වෙනස අැත්තටම මිනිත්තු 1 පමණයි නමුත් මිීට වඩා විශාල Video එකක්  render වෙන්න යන වෙලාව මීට වඩා ලොකු කාල වෙනසක් දකින්න පුළුවන්. 



Gaming සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඉතාවැදගත් නැහැ.මේ video එක බලන්න Hyper-Threading enabled vs Hyper-Threading disabled game gaming test results එකක් තමයි තියෙන්නෙ. 



ඔයාල දන්නවද Hyper-Threading තාක්ෂණය pentium 4 පරිගණක වලත් තිබුන කියල?

අන්තිමටම වගේ නිශ්පාදනය කරපු pentium 4 පරිගණක වල තමයි
Hyper-Threading තාක්ෂණය මූලින්ම භාවිතා කරල තියෙන්නෙ.

No comments:
Write comments