Tuesday, July 19, 2016

Prisma Effect for Android | Sinhala Tutorial

මේ දවස් වල Facebook එකේ ගොඩක්ම ඡනප්‍රිය photo රැල්ලක් තමයි Prisma app එකේ එන painting effect එකෙන් edit  කරපු photos share කරන එක. 

 

 

 

මොකක්ද මේ Prisma app එක? 

 Prisma app එක iPhone, ios සදහා නිකුත් කරපු free application එකක්. මේක android සදහා නිකුත් වෙලා නැහැ. 



පසුගිය වසර කිහිපය තුළ අපට විවිධ photo editing application දකින්නට ලැබුණා. නමුත් මේ Prisma app එක විශේෂ වෙන්නෙ photo editing සදහා Neural Networks සහ Artificial intelligence එහෙමත් නැත්නම් කෘතිම බුද්ධි වැඩසටහනක් භාවිතා කරමින් ලෝකප්‍රසිද්ද කලා කෘති අනුකරණය කරමින් ඔයාලගේ photos edit කිරීමයි. දිනකට මිලියනයකට අධික පිරිසක් භාවිතා කරන මේ application එක Prisma labs inc කියන රුසියානු සමාගමක් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

ඉතින් හැමෝම වගේ බලාගෙන ඉන්නෙ කවද්ද Android සදහා Prisma app එක නිකුත් වෙන්නෙ කියල.
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නෙ Prisma app එකට සමාන photo effects තියෙන Android application එකක් ගැන. එ් තමයි Superphoto effects + filters 

මේ android application එක Google play store එකෙන් ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
මේ application එකේ අපිට මොනවද කරන්න පුළුවන්? පහත Video එක බලන්න.

Monday, July 18, 2016

Top 5 things you must do after rooting Android device | sinhala tutorial

අපි කලින් ලිපියකින් කතාකලා කොහොමද android phone එකක් root කරගන්නෙ කියල. අද මං කියලදෙන්න හදන්නෙ android දුරකථනය #root කලාට පස්සෙ අනිවාර්යයෙන්ම කලයුතු දේවල් මොනවද කියල. 

මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි costom recovery software එකක් install කරන එක.
අැයි custom recovery software එකක් install කරගන්නෙ, කොහොමද install කරගන්නෙ කියල අපි පසුගිය ලිපියකින් කතාකලා (පහත ලිපිය බලන්න) 


දෙවැනියට කරන්න අවශ්‍ය දෙයක් තමයි Custom ROM එකක් install කරගන්න එක. 50% පමන දෙනෙකු දුරකථනය Root කරන ප්‍රධාන හේතුව තමයි Custom ROM එකක් install කරන එක මොකද එතකොට තමයි අපට පුලුවන් වෙන්නෙ දැනට තිබෙන අලුත් android version එකක් භාවිතා කරනට,  stock rom එකේ නොමැති option භාවිතා කරන්න, Custom ROM එකක් වඩාත් හොද සහ වෙනස් පෙනුමක අලුත් බවක් ඔයාලගෙ දුරකථනට එකකු කරන දෙයක්.මේ ගැනත් අපි පහත ලිපියෙන් කතාකලා කොහොමද custom rom install කරගන්නෙ කියල.

how to install miui 7 on any android phone

මීලගට කලයුතු වැදගත්ම දෙයක් තමයි Bloatware remove කරන එක. #Bloatware කියන්නෙ ඔයාලගෙ දුරකථනයේ බැටරි ඉක්මනින් බහින්න හෙතුවක් වෙන, දුරකථනයේ අනවශ්‍ය ඉඩක් ගන්න apps. වැඩකට නැති application
Flipboard
email app
Carriers application
හොදයි මීලගට අපිට කරන්න පුළුවන් Application SD card එකට move කරනන එක. ඉතින් සමහර application SD card එකට move කරන්න අවස්ථාව ලබා දෙන්නෙ නැහැ. ඉතින් ඔයාගෙ දුරකථනය Root කරල තියෙන්නව නම් ඔයාට ඔි්නෑම Application එකක් SD card එකකට move කරන්න පුළුවන්.


 මේ විදිහට අපි Phone memory එක අපි free කරගත්තට පස්සෙ GTA, NFS ලොකු games install කරගන්න පුළුවන්. 
අවසාන වශයෙන් අපට තවදුරටත් Phone එක customize, Tweak කරගන්න පුලුවන්.මේ සදහා අපට rom toolbox වගේ application එකක් භාවිතා කරනව පුළුවන්. #Tweak කරල අපට මොනවද වෙනස් කරන්න පුළුවන්.
Interface
fonts
boot animation
icons
increase WiFi range
increase volume level
CPU control
increase battery life 
ඉතින් ඉදිරි ලිපි වලින් මං බලාපොරොත්තු වෙනවා කොහොමද Bloatware ඉවත් කරන්නෙ, Application කොහොමද SD card එකට move කරන්නෙ සහ Phone එක Tweak කරන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න.

Wednesday, July 13, 2016

Youtube video downloader android application, how to download any video from YouTube | sinhala tutorial

අද මං ඔයාලට කියන්න හදන්නෙ කොහොමද YouTube videos ලේසියෙන්ම ඔයාගෙ Android දුරකථනයට download කරගන්නෙ කියල. 

මේ සදහා මං Android app එකක් භාවිතා කරනව. එ්වගෙම android app එකක් නැතුවත් ඔයාලගෙ web browser එක හරහාත් මේ විදිහට YouTube video download කරගන්න පුලුවන්. 

මේ සදහා android app එක install කරගන්න ඕනේ.පහල දීල තියෙන link එකට ගිහින් මේ android app එක downloadකරගන්න

ඉතින් අපි බලමු කොහොමද මේ app එක install කරගන්නේ කියල

go to file manager and open apk file


go to settings


tick unknown sources


 Click ok


 click install


click done 





ඉතින් අපි බලමු YouTube video downloader android app එක කොහොමද භාවිතා කරන්නෙ කියලා?



Android app එකක් නැතුව Web browser එකෙන් කොහොමද YouTube video download කරගන්නෙ?මේ සදහා ඔයාල පහත වෙබ අඩවියට පිවිසෙන්න ඔි්නෙ.

savefrom.net

පහත video එක බලන්න



Sunday, July 10, 2016

SwiftKey සිංහල යතුරුපුවරුව

සිංහලෙන් type කරන්න ඉතාමත් පහසු වඩාත් කාර්යක්ෂම යතුරුපුවරුවක් තමයි SwiftKey.ඉතින් අපි බලමු SwiftKey අැයි වඩාත් වැදගත් වෙන්නෙ අපේ දුරකථනට, ටැබ්ලට එකට කියල.

 
වෙළදපලේ දකින්නට තිබෙන Samsung, Huawei, Sony, HTC, Motorola සමාගම් වල නවතම දුරකථන මාදිලි සියල්ලක්‌ම වගේ සිංහලෙන් කියවීමට සහ සිංහලෙන් ලිවීම ( message) සහයෝගය දක්වනව.

 

SwiftKey keyboard වැදගත් වෙන්නෙ අැයි? 


SwiftKey වල තියෙන ප්‍රධානම වැදගත් වන දෙයක් තමයි SwiftKey ඔයාල නිතරම භාවිතා කරන වාක්‍ය ඉගෙන ගන්නව, මතක තියාගන්නව.


එ්වගෙම මතක තියාගත්ත වාක්‍ය ඔයාට අවශ්‍ය වෙලාවට predict කරනව. SwiftKey දන්නව ඔයාට මීලගට අවශ්‍ය මොන වාක්‍යද කියල.










ඔයා Phones දෙකක් එහෙමත් නැත්නම් Phone එකයි table එකක් වගේ device දෙයක් භාවිතා කරන කෙනෙක්නම් ඔයාගෙ SwiftKey account එක හරහ ඔයා නිතරම භාවිතා කරන වාක්‍ය emoji sync වෙනව.



අලුතින් Phone එකක් ගත්තත් ඔයාලගෙ data සේරම SwiftKey account එකේ save වෙලා තියෙන හන්දා ලේසියෙන්ම ඔයාට භාවිතා කරන්න පුළුවන්.

SwiftKey ඔයාට කැමති විදියට resize කරන්න, theme දාගන්න, customize කරගන්න පුළුවන්. 




ඉතින් අපි SwiftKey keyboard භාවිතා කරල කොහොමද සිංහලෙන් messages යවන්නෙ


 

Thursday, July 7, 2016

Facebook සමග මුදල් උපයමු Facebook Instant Articles

අද මං කියලදෙන්න හදන්නෙ Facebook හදුන්වාදීපු අපිට Facebook හරහා මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙන Facebook Instant Articles   සේවාව ගැන.ඉතින් ඔයාගෙම කියල වෙබ අඩවියක්, බ්ලොග් අඩවියක් තියානව නම් ඔයාලටත් මේ විදිහට ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන්.

Facebook සමාගම කාලයක් තිස්සෙ ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ instant articles service එක දකින්න පුළුවන්. 



ඉතින් Facebook ආයතනයට මෙයින් ලැබෙන වාසි මොනවද?


ප්‍රධානම වාසිය තමයි Facebook එකට ලෝග් වෙන අයකු Facebook තුලම රදවා ගන්න පුලුවන් තවදුරටත් Facebook තුලින් පිටතට නොයා ඹයාල කැමති වෙබ් අඩවියක් කියවන්නට අවස්තාව ලැබිල තියෙනවා. 

එ්වගෙම Facebook post monetization කරන්න අවස්ථාව ලබාදිල තියෙනවා එ්මගින් Facebook ads තවදුරටත් Facebook users අතරට වඩාත් පහසුවෙන් ගෙනයන්න අවස්ථාව ලැබීතියෙනව. 

අපට Facebook instant articles හරහා ලැබෙන වාසි මොනවද? 


Facebook page එකක් monetize කරල ඔයාට Facebook හරහා හෝ Google ads යොදාගෙන ඔයාට ලේසියෙන්ම දන් මුදල් උපයන්න පුළුවන්. 

එවගේම ඔයාලගෙ ordinance පාඨකයන් පිළිබඳ  Facebook insights හරහා තොරතුර ලබාගන්නත්, ඉපයීම් පිලිබඳ තොරතුර ලබාගන්නත් පුළුවන්. 

 දැනට ලෝකයෙ ප්‍රධාන වෙබ් අඩවි මේ Facebook Instant articles service එක භාවිතා කරනව අපිට දකින්න පුළුවන්.



ඉතින් අපි බලමු ඉදිරියට කොහොමද මේ Facebook instant articles service එක භාවිතා කරන්නෙ කියලා. දැනට WordPress භාවිතා කරන අයකුට මේ පහසුකම ලේසියෙන්ම අත්විදින්නට පුළුවන්.

Sunday, July 3, 2016

how to install miui 7 on any android phone

අද ඉතින් මං ඔයාලට කියන්න හදන්නෙ miui 7 ඔයාගෙ දුරකථනයෙන් භාවිතා කරන්නෙ කොහොමද කියලා.මේ වැඩේට ඔයාලගෙ phone එක root කරල තියෙන්න ඔනෙ . දැනටමත් Phone එක root කරලද කියල බලන්න root checker app භාවිතා කරන්න. Root කරල නැත්තම් අපි බලමු කොහොමද ලේසියෙන්ම Phone එක root කරගන්නෙ කියල.

මුලින්ම කියන්න ඔි්නෙ මේ සදහා පියවර කිහිපයක් තියෙනවා මං හිතනවා ඔයාල මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවල ඉවර වුනාට පස්සෙ root කරගන්න පටන් ගනීකියල.
මේ සදහා ඔයාල king root android app එක දාගන්න ඔනෙ. kingroot.net වෙබ් අඩවියෙන් ඔයාලට නොමිලේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

කොහොමද phone එක king-root භාවිතා කරල root කරගන්නෙ මේ ලිපිය බලන්න.

kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

Root කලාට පස්සෙ අපිට මේ මේ වැඩේට custom recovery එකක් install කරගන්න වෙනව. ඉතින් කොහොමද TWRP custom recovery එක install කරගන්නෙ කියල මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා පහත ලිපිය බලන්න.

මොකක්ද මේ custom recovery? කොහොමද custom recovery එකක් install කරගන්නෙ? ඉතින් එහෙනම් අපි බලමු How to install TWRP custom recovery


මුලික පියවර ඉවර උනාට පස්සෙ අපි කරන්න ඔි්නෙ miui 7 එහෙත් නැතිනම් miui 6 හෝ ඊට පහල version එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් miui official website එකේ ඔයාලගෙ phone එකේ model එකට ගැලපෙන miui rom එක ඩවුන්ලෝඩ් කරගන්න.

miui කියන්නෙ නිතරම වගේ update එන custom rom එකක් ඉතින් පරන version එකක් දැම්ම කියලා ගැටලුවක් නැහැ. එක version එකක් install කලාට පස්සෙ මිලග OTA update නිකුත් වුනාම අලුත් version එකට update කරගන්න පුළුවන්.

Google apps install කරගන්න GApps download කරගන්න ඔනෙ මේ වෙබ් අඩවියට ගිහින් gapps ඩවුන්ලෝඩ් කරගන්න. 
එහෙනම් අපි බලමු කොහොමද miui 7 rom galaxy s3 international version එකට install කරගන්නෙ කියල. මේ විදිහට ඔයාට ඔි්නෑම android දුරකථනයක් සදහා miui rom install කරගන්න පුළුවන්.

 ඉස්සෙල්ලාම ඔයාගෙ Phone එකේ power button  + volume + menu button එකවර තත්පර 10 පමන තදකරන් ඉන්න



දැන් TWRP main screen එකේ backup කියනඑක තෝරන්න. 



මෙතනින් ඔයාගෙ Phone එකේ දැන් තියෙන rom එක data backup කරගන්න, යම්කිසි විදිහකින් miui rom එක ඔයාලගෙ දුරකථනට හරියාකාරව ස්ථාපනය උනේනැතිනම් නැවතත් stock rom එක එහෙමත් නැත්නම් කලින් භාවිතා කළ rom එක නැවත ස්ථාපිත කරන්න පුළුවන්. 



මීලගට wipe කියන එක තෝරන්න.මේකෙන් වෙනනෙ Phone එකේ දැනට තියෙන data සහ stock rom එක ඉවත්කිරීම. 



දැන් තියෙන්නෙ miui rom එක install කරගන්න. install කියලා තියෙන එක තෝරල 




 ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත miui file එක තෝරන්න. 



දැන් swipe කරල install කරගන්න 



ඊට පස්සෙ ඔයා ඩවුන්ලෝඩ් කරගන්ත gapps file එක තෝරන්න 




දැන් swipe කරල install කරගන්න




installing



install වෙලා ඉවර වුනාට පස්සේ reboot system තෝරන්න


අලුත් boot screen



භාෂාව තෝරන්න සහ අනෙකුත් මුලික සැකසුම් සාමාන්‍ය පරිදිකරගන්න


මේ තමයි ඔයාගේ Home screen එක


MIUI 7 android 4.4.4 එක්ක තමයි අපිට ලැබෙන්නෙ


camera සහ අනෙකුත් සියලුම apps wifi ,bluetoth සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි