Showing posts with label computer processors. Show all posts
Showing posts with label computer processors. Show all posts

Wednesday, June 29, 2016

මොකක්ද මේ Hyper-Threading කියන්නෙ? Hyper-Threading අපිට වැදගත් වෙන්නෙ කොහොමද?

අලුතින් පරිගණකයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙකුට ඉතාම වැදගත් දෙයක් තමයි මේ Hyper-Threading කියන්නෙ. 

මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා intel i3, i5 සහ i7 processor ගැන. එ්කෙදි මං කිව්ව i3 සහ i7 processor වල පමණයි මේ Hyper-Threading පහසුකම් ලබාදීල තියෙන්නෙ කියල. 



intel i3 processor එකක් සදහා 4 threads








intel i7 processor එකක් සදහා 8 threads

වශයෙන් තමා Hyper-Threading අපට ලැබෙන්නෙ.ඉතින් අැත්තටම මොකක්ද මේ පහසුකම අපට අවශ්‍ය වන්නේ අැයි?


පහත විඩියෝව බැලුවට පස්සෙ ඔයාලට එ්ගැන අවබෝධයක් ලැබෙයි. 


අපි පරිගණකයක් මිලදී ගද්දි මේ Hyper-Threading පහසුකම අත්‍යාවශ්‍ය ද? 

ඉතින් ඔයා video editing සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඔයාට ඉතාමත් වැදගත්. 

පහත දැක්වෙන්නෙ 10 min video එකක් 1080p 30fps rendering කලාම ලැබුණු result එකක් ඉතින් මෙහි වෙනස අැත්තටම මිනිත්තු 1 පමණයි නමුත් මිීට වඩා විශාල Video එකක්  render වෙන්න යන වෙලාව මීට වඩා ලොකු කාල වෙනසක් දකින්න පුළුවන්. 



Gaming සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඉතාවැදගත් නැහැ.මේ video එක බලන්න Hyper-Threading enabled vs Hyper-Threading disabled game gaming test results එකක් තමයි තියෙන්නෙ. 



ඔයාල දන්නවද Hyper-Threading තාක්ෂණය pentium 4 පරිගණක වලත් තිබුන කියල?

අන්තිමටම වගේ නිශ්පාදනය කරපු pentium 4 පරිගණක වල තමයි
Hyper-Threading තාක්ෂණය මූලින්ම භාවිතා කරල තියෙන්නෙ.

Tuesday, June 28, 2016

අලුතෙන් ගන්න පරිගණකය i3 ද? i5 ද? i7 ද? මගේ පරිගණකය මෙතනින් කොකද

intel core i3 processor

2 core
4 threads
3-4 mb of intel smart cache
no turbo boost

අන්තර්ජාලය තුල සැරිසරිිමට, Microsoft Office, සාමාන්‍ය games, සාමාන්‍ය phone editing,music videos, mp3, dvd movies නැරඹීමට වැනි සාමාන්‍ය කටයුතු සදහා යොදාගතහැක processor එකක්.
මේ වගේ පරිගණකයක් ඔයාගේ office එකේ එදිනෙදා වැඩකටයුතු සදහා සහ ව්වේක කාලයේ Facebook යන්න, facebook එකට photo එකක් edit කරල දාන්න වගේ දේවල් සදහා සුදුසුයි.

intel core i5 processor

4 core
no hyperthreads
4-6 mb of intel smart cache
turbo boost enabled

gaming සදහා උචිත processor එකක්. Battlefield 3-4 වගේ AAA game titles සදහා භාවිතා කලහැක. Video, photo editing සදහා යොදා ගතහැක.

i5 පරිගණකක් i3 එකකට වඩා වැඩි බලයක් තියෙන පරිගණකයක් ඉතින් ඔයාලට ඔයා gaming වලට කැමති කෙනෙක් නම් gaming සදහා ගැලපෙන vga card එකක් ram එකක් සහ අනෙකුත් උපාංග cpu cooler, gaming keyboard, gaming mouse, wide screen monitor යොදාගෙන powerful gaming pc එකක් හදාගන්න පුළුවන්.මේ සදහා processor එක පමනක් තිබුනට වැඩක්නෑ එහා සමානව අනෙකුත් තිබිය යුතුයි. 
 
intel core i7 processor

4 core
8 threads
8mb of intel smart cache
turbo boost enabled 

gaming, video editing, photo editing, video animation, 3D programmers සදහා අවශ්‍ය වන යෙදවුම් Autodesk Maya, 3D max, Maxon cinema 4D,Adobe photoshop, Adobe aftereffects, Adobe premier වැනි ම්‍රදුකාංග භාවිතා කරන්නන් සදහා වඩාත් යෝග්‍යයි. 

i7 වර්ගයේ processor හදුන්වන්නේ higher-end level processor එකක් විදිහට. මේවගේ Powerful සහ මිල අධික පරිගණකයක් professional photographer, video editor, designer කෙනෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය පරිගණකයක්.ඉතින් ඔයා පරිගණක භාවිතා කර නිර්මාණය කරන කෙනෙක් නම් මෙවැනි වඩා වැදගත්. 

ඉතින් ඔයාලගේ අදහස් comment එකක් දාන්න ඔයාල මොනවගේ පරිගණකයක්ද භාවිතා කරන්නෙ, මොනවගේ දේවල් සදහාද භාවිතා කරන්නෙ කියල